නව ග්රාම නිලධාරීන් 1942 කට හෙට පත්වීම් ලිපි
නව ග්රාම නිලධාරීන් 1942ක් හෙට (08) සිට රාජ්ය සේවයට බඳවා ගැනේ. ජනාධිපති රනිල් වික්රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙරේ.
ග්රාම නිලධාරි 3 වැනි ශ්රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්රතිඵල මත ත්රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්යාංශය මඟින් ඊයේ (06) නිකුත් කර තිබිණි.
පත්වීම් ලබන සියලු දෙනාගේ නම් www.moha.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්ය ඇමැති අශෝක ප්රියන්ත මහතා පැවැසීය.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි දින ග්රාම නිලධාරි විභාගය පවත්වන ලදි.
මෛ ත්රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන් අතරින් කිසියම් අයකුට කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්යාංශ ලේකම් ප්රදීප් යසරත්න මහතා පවසයි.
The post නව ග්රාම නිලධාරීන් 1942 කට හෙට පත්වීම් ලිපි appeared first on ITN News.