චීනයේ රෝහලක පිහි ඇනුමක්
චීනයේ නිරිතදිග යුනාන් පළාතේ අද (07) රෝහලක සිදුවූ පිහි ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
චීනයේ Zhenxiong ප්රාන්තයේ ප්රාදේශීය රෝහලකට ඇතුළු වූ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර මෙම ප්රහාරය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ
අනතුරුව චීන ආරක්ෂක අංශ විසින් එම ප්රාන්තයේ නගරයකින් එක් පිරිමි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post චීනයේ රෝහලක පිහි ඇනුමක් appeared first on ITN News.