ග්රාම නිලධාරීන්ගෙන් ජනාධිපතිට ටෙලිමේල්
තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ග්රාමනිලධාරීන් ජනාධිපතිවරයාට ටෙලිමේල් යැවීම අද නිට්ටඹුව තැපැල් කාර්යාලයේ දී ආරම්භ කෙරුණා.
ලිපිලේඛන දීමනාව ඇතුලු සෙසු ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ග්රාමනිලධාරීන් පසුගිය දින කිහිපයේම වෘත්තිය ක්රියාමාර්ගයකට එළඹ සිටියා.
වසර ගණනාවක් පුරා පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට ද ඔවුන් අද පියවර ගත්තා.
ඒ ජනාධිපතිවරයාට ටෙලිමේල් මගින් එය දැනුම් දෙමින්.
මේ අතර ශ්රී ලංකා ග්රාමනිලධාරීන්ගේ සංගමය පවසන්නේ තම ගැටලුවලට සාධනීය විසඳුම් නොලැබුණහොත් වර්ජන ක්රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.
The post ග්රාම නිලධාරීන්ගෙන් ජනාධිපතිට ටෙලිමේල් appeared first on ITN News.