ප්රසන්න රණවීර ප්රකාශයක් ලබාදීමට ගුවන්තොටුපොල පොලීසියට එයි
කටුනායක ගුවන්තොටුපොලේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ගුවන්තොටුපොල පොලිසිය වෙත අද පැමිණියා.
එහිදී රාජ්ය අමාත්යවරයාගෙන් පැයකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොල පරිශ්රයේදී පෝටර්වරයෙකුට ගෙවිය යුතු රුපියල් දහසක් වෙනුවට රුපියල් 700ක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්යවරයා සහ එම පෝටර් වරයා අතර කතාබහක් ඇතිව තිබෙනවා.
එහිදී රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා විසින් පෝටර්වරයා පසෙකට කැදවා පහරදීමක් සිදුකරන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස කටුනායක ගුවන්තොටුපොල පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඒ මහතා අද පොලිසියට පැමිණ තිබුණා.
The post ප්රසන්න රණවීර ප්රකාශයක් ලබාදීමට ගුවන්තොටුපොල පොලීසියට එයි appeared first on ITN News.