කාන්තාවකගේ දෑතින් හැඩ වෙන තොරණක්
මෙරට ඉතිහාසයේ පළමුවරට කාන්තාවක විසින් තොරණක චිත්ර නිර්මාණය කර ප්රදර්ශනය කිරීමේ විශේෂ අවස්ථාවක් මෙවර වෙසක් උත්සවයේදී ජනතාවට දැක බලා ගැනීමට හැකිවනවා.
එම තොරණ රත්නපුර / අරඹදෙණිය ප්රදේශයේ ප්රදර්ශනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
පාසල් ගුරුවරියක ලෙස සිය රැකියාව සිදුකරන ජනනි අලුදෙණිය තොරණේ සිතුවම් සියල්ල නිර්මාණය කර තිබෙනවා.
භද්රඝට ජාතකය සිතුවම් කර ඇති අතර මාසයක් වැනි කෙටි කාලයකදී මෙය නිර්මාණය කිරීම ද විශේෂත්වයක්. 2018 වසරේ පැවති රාජ්ය සම්මාන උළෙලේ දී ඇය සම්මානයට ද පාත්ර වුණා.
අඩි 40ක උසකින් යුක්තව නිර්මාණය කෙරෙන තොරණ රූපරාමු අටකින් සමන්විතයි.
The post කාන්තාවකගේ දෑතින් හැඩ වෙන තොරණක් appeared first on ITN News.