රතුපස්වල නඩු තීන්දුව : 'විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැහැ'
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද ( මැයි මස 17) වෙනිදා ප්රකාශයට පත් කරන ලදී. එම නඩු විභාගය පැවැත්වුයේ ගම්පහ මහාධිකරණයේ දීය.එම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි මස 17) සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා යටතේ මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නිසි විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් නැති බැවින් විත්තිකාර යුද හමුදා මේජර් ජනරාල්වරයකු සහ හමුදා සෙබළුන් තිදෙනෙකු සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන බවය.