පෞද්ගලික ව්යවසායකයින්ට රජයේ සහාය දෙන බව ජනපති පවසයි
කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඒ සදහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සියලු සහාය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා විසින් මෙරට ප්රථමවරට ඉදිකර ඇති හරිතාගාරය ජනාධිපතිවරයා අද නිරික්ෂණය කළා. එය කෑගල්ල නෙළුම්දෙණිය ප්රදේශයේ ඉදිකර තිබෙනවා.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සදහා ප්රථම අදියර යටතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සීයක් තෝරාගෙන ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළා.
මෙම වැඩපිළිවෙල සමග එක්වීමට පෞද්ගලික ව්යවසායකයන්ට අවස්ථාව තිබෙන බවත් / අවශ්ය පුහුණුව සහ මූල්ය පහසුකම් රජයට ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියා. දැනට අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කෙරෙන බවත් 2050 වන විට එය 255 දෙනෙකු දක්වා වැඩිකර ගැනීමට රටවල් සැලසුම් කර ගත යුතු බවත් ජනාධිපතිවරයා ප්රකාශ කළා.
ඒ සදහා කෘෂිකර්ම නවිකරණය අත්යවශ්ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. හරිත ආර්ථිකයක් ගොඩනැගීමට මේ තුළින් හැකි වන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළේ. රංජිත් සියඹලාපිටිය / කනක හේරත් යන රාජ්ය අමාත්යවරුන් ඇතුළු දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මීට එක්වුණා.
The post පෞද්ගලික ව්යවසායකයින්ට රජයේ සහාය දෙන බව ජනපති පවසයි appeared first on ITN News.