LPL ක්රිකට් තරඟාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම 21 වනදා
2024 ලංකා ප්රිමියලීග් ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම ලබන 21 වනදා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරනවා.
අද පැවති විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කළේ.
මෙවර තරගාවලියේ ලංසු සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් කණ්ඩායම් හිමිකරුවන් විසින් වැය කිරීමට නියමිත අතර තරගාවලියට ලොව නම් දැරූ ක්රිකට් ක්රීඩකයින් එක්වීමට නියමිතයි.
මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් කොළඹ දී අද පැවැත්වුණා.
තරගාවලිය තුළින් රටට අත්වන ආර්ථික වාසි පිළිබදවද මෙහිදී අදහස් පළවුණා.
මේ අතර ලබන මාසයේදී ඇමෙරිකාවේ ආරම්භ වීමට නියමිත 2020 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් මෙහිදී ප්රශ්න කළා.
The post LPL ක්රිකට් තරඟාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම 21 වනදා appeared first on ITN News.