යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම්
ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්රී ලංකා යුද හමුදාවේ නිත්ය හා ස්වේච්ඡා බලසේනාවේ 1509 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති බවයි යුද හමුදා මූලස්ථානය පවසන්නේ.
ඒ අනුව නිලධාරීන් 114 දෙනෙකු සහ සෙසු නිලයින් 1395 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති අතර එය අද සිට බලපැවැත්වෙන බවයි යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
The post යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් appeared first on ITN News.