සිවිල් වැසියන්ට යළි පවරා දුන් ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු ඇරඹෙයි
සිවිල් වැසියන්ට යළි පවරා දුන් ඉඩම්වල උතුරේ ජනතාව කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර තිබෙනවා.
යාපනය පලාලි ප්රදේශයේ ජනතාව වෙත යළි පවරා දුන් මිට පෙර ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම්වල පවුල් 177ක් පමණ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර තිබෙනවා.
යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්රදේශයේ සිදුකෙරෙන එම වගා කටයුතු හේතුවෙන් ඔවුන්ට තම ජීවනෝපාය සවිකර ගැනීමට අවස්ථාව සැලසී ඇති අතර ග්රාම නිලධාරී වසම් 4ක ජනතාව ඊට එක්ව සිටිනවා.
එම ගම්මාන වෙත ගිය උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය වගා කටයුතුවල නිරත ජනතාව හමුවී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කළා.
මේ අතර මාතලේ උකුවෙල වරාපිටිය හා වේරගම කයිනායක මාර්ග සංවර්ධන කටයුතු රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
වරාපිටිය මාර්ගයේ කිලෝ මීටරයක දුරක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර ඊට වැයකෙරෙන මුදල් රුපියල් මිලියන 20ක්.
වේරගම කයිනායක මාර්ගයේ සංවර්ධන වෙනුවෙන් රජය රුපියල් මිලියන 26ක මුදලක් වෙන්කර තිබෙනවා.
The post සිවිල් වැසියන්ට යළි පවරා දුන් ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු ඇරඹෙයි appeared first on ITN News.