ජපාන ෆෙස්ටිවල් කමගයා නගරයේ දී
ජපාන ෆෙස්ටිවල් මෙවර කමගයා නගරයේ දී ඊයේ සහ අද දිනයන්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
මෙහි සමාරම්භක උත්සවයට ජපානයේ නියෝජ්ය ආරක්ෂක අමාත්ය මට්ෂුමොටෝ රිෂසි , ශ්රී ලංකා ජපාන තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන් එක්වුණා.
ජපානයේ ශ්රී ලංකා සංගමය , ජපාන ශ්රී ලංකා ව්යාපාරික සංගමය සහ ජපාන ශ්රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධවයි මෙය සංවිධාන කළේ.
තුන්වන වරට සංවිධාන කළ ජපාන ෆෙස්ටිවල් වෙළද කුටි 26කින් සමන්විත වුණා. ශ්රී ලංකාවේ විශේෂ කෑම වර්ග අච්චාරු , එළවළු රොටි, වඩේ , රසකැවිලි ආදි ආහාර වර්ග රැසක් මෙම උළෙලට එක්කර තිබුණා.
ආයුර්වේද , මැණික්, අත්කම් ඇතුලු ක්ෂේත්ර රැසක නිර්මාණ ද උළෙලේ දී ප්රදර්ශනය කෙරුණා.
මෙවැනි උත්සව පැවැත්වීම තුළින් ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්යාව ඉහළ යන බවයි උළෙලේ සංවිධායකයින් සඳහන් කළේ.
The post ජපාන ෆෙස්ටිවල් කමගයා නගරයේ දී appeared first on ITN News.