ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ
අධික වැසි තත්ත්වයත් සමඟ ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
The post ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ appeared first on ITN News.