පෙරපාසල් අධ්යාපන ජාතික ප්රතිපත්තිය කඩිනමින්
පෙරපාසල් අධ්යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතුවන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි. ඒ අනුව මෙම පෙරපාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව කාර්යක්ෂ්මවත් ඵලදායීවත් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරන බව පැවසී ය.
එසේම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන් ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින් ද පොහොසත් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එකම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසිදු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඒ මහතා පැවසීය.
The post පෙරපාසල් අධ්යාපන ජාතික ප්රතිපත්තිය කඩිනමින් appeared first on ITN News.