ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානයේ විශේෂ වැඩසටහන්
හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය මෙන්ම එළිමහන් සත්වෝද්‍යානය දරුවන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
ලෝක ළමාදිනය යෙදී තිබෙන හෙට දිනයේදී දරුවන් වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානයේ විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනික දැනුම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණය පිළිබද ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා මෙහි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.
සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වනවා.
මේ අතර පින්නවල අලි සංරක්ෂණාගාරය හා එළිමහන් සත්වෝද්‍යානයද අද සහ හෙට දෙදින දරුවන් සදහා නොමිලේ නැරඹීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ වෙනුවෙන් අලි සංරක්ෂණාගාරයේ මෙන්ම එළිමහන් සත්වෝද්‍යානයේ විශේෂ ප්‍රදර්ශන කුටි 60 ක් පමණ ස්ථාපිත කර ඇති අතර දරුවන්ට එම ප්‍රදර්ශනයද නොමිලේ නැරඹිය හැකියි.
ඊට සමගාමීව එළිමහන් සත්වෝද්‍යානයේ සත්ව අභිජනන මධ්‍යස්ථානය හා කුරුල්ලන්ට ආහාර ලබාදීමේ මධ්‍යස්ථානයද විවෘත කෙරුණා.
එම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස උසස් පෙළ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වූ සත්සරණි සිසුවිය එක් වුණා.
ස්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ දිලානි අමරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක් වුණා.
The post ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්යානයේ විශේෂ වැඩසටහන් appeared first on ITN News.