සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්රකාශයට පත්කර තිබෙනවා.
ඔවුන්ට නීත්යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලය හිමිවනවා
එම ප්රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
2024 අප්රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිලයින් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු අතර, එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුළ සිදුකර යුද හමුදා සේවයෙන් නීත්යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී තිබෙනවා.
* යුද හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්)
* ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්රයේ පිටපතක්.
* වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.
* අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්)
නිවාඩු නොමැතිව සේවයට වාර්ථා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
The post සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් appeared first on ITN News.